අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අවමංගල්‍යය උත්සවය 30 දෙනෙකුට සීමා කිරීමටයි තීරණය කර තිබෙන්නේ. පවතින වෛරස් අවදානම හේතුවෙන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි බකින්හැම් මාළිගය නිවේදනය කරන්නේ.දෙවන එළිසබෙත් රැජින අවමංගල්‍ය උත්සවයට තනිව එක්වන අතර මෘත දේහය රැගත් රිය පිටුපසින් ගමන් කරනු ලබන්නේ ෆිලිප් කුමරුගේ දරුවන් වන චාල්ස් කුමරු, ඇන්ඩෲ කුමරු,එඩ්වඩ් කුමරු සහ ඈන් කුමරියයි. ඊට පිටුපසින් විලියම් සහ හැරී කුමරු ගමන් කිරීමට නියමිතයි. පිලිප් කුමරු රෝගාතුරව සිටියදී පවසා තිබූ ආකාරයට අවමංගල්‍ය පිළිබඳ අවසන් කටයුතු ඉතා චාම්ව සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි බකින්හැම් මාළිගය නිවේදනය කරන්නේ.