නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමෙන් අනතුරුව එරට ජනතාවගේ ආරක්ෂාව පිළිබදව ඇෆ්ගනිස්ථාන රජය කටයුතු කළ යුතු බව නේටෝ සංවිධානය පවසනවා.
ලබන මස පළමු වනදා සිට ඇෆ්ගනිස්ථානයේ රැදී සිටින නේටෝ හමුදා ඉවත් කර ගැනීමේ මෛහයුම් ආරම්භ වනවා. ඒ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ තීරණයක් අනුවයි. නේටෝ සංවිධානයට අයත් හමුදා භටයින් 7000 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ රැදී සිටිනවා.
එම හමුදා සැප්තැම්බර් මස 11 වන විට ඉවත් කර ගැනීම අරමුණ වී ඇති බවයි නේටෝ සංවිධානය පවසන්නේ. වසර 20 කට පසු නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ පසු තලෙයිබාන් සටන්කාමින්ගෙන් ඇෆ්ගනිස්ථානයට එල්ල විය හැකි ප්රහාර සම්බන්ධයෙන් වගකීම එරට රජය භාරගත යුතු බවයි නේටෝ සංවිධානය පවසන්නේ.