මියන්මාරයේ හමුදා පාලක ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් ලබන සතියේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගී වන බව තහවුරු කර තිබෙනවා.
අග්නිදිග ආසියානු නායකයින්ගේ සමුළුවට තම රාජ්‍ය නායකයා එක්වන බවයි, මියන්මාර විදේශ අමාත්‍යාංශය අද නිවේදනය කළේ.
පෙබරවාරි 1 සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු මියන්මාරය විනාශය කරා යමින් පවතින අතර ,ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හමුදා පාලනයට එරෙහිව වීථි බැස සිටිනවා.
මේ දක්වා 720 දෙනකු ඝාතනය කරමින් 3200 ක් අත්අඩංගුවට ගැනීම මත මියන්මාර හමුදා පාලකයාට ජාත්‍යන්තරය විසින් අපරාධ චෝදනාවන්ද එල්ල කර තිබෙනවා.
මේ වන විට ආසියාන් සංවිධානය ද කුමන්ත්‍රණය සමග දෙකඩ වන තත්ත්වයක් මතුව ඇත්තේ, ඇතැම් රටවල් හමුදා පාලනය පිළිගැනීම හා තවත් පිරිසක් ඊට එරෙහිවීම මතයි.