වරාය නගර ආර්ථික කමිෂන් පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කර තිබෙනවා. නීතිපතිවරයාගේ නිවේදනය උපුටා දක්වමින් ඩේලි නිවුස් පුවත්පත සදහන් කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බවයි. මේ සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා නීතිපතිවරයා දැනුවත් කරමින් යැවූ ලිපියකට පිළිතුර ලෙසයි නීතිපතිවරයා අදාල නිවේදනය නිකුත් කළේ.