ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව පසුගිය මාස 2 තුළ දෙගුණ වී ඇති බව වාර්තා වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ප්‍රකාශ කළේ මෙම තත්ත්වය කණගාටුදායක බවයි. ආසාධිතයින්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව ද ඉහළ යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වන ඉහළම රෝගීන් සංඛ්‍යාවක් පසුගිය මාස 2 ක කාලය තුළ වාර්තා වී තිබෙනවා.
කොරෝනා වසංගතය පාලනය කළ ඇතැම් රටවල්වල ආසාධිතයින් සීඝ්රයෙන් ඉහළ යාම දැකිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.