චීන කොරෝනා එන්නතේ ප්‍රමිතිය තහවුරු වන තෙක් එරට මෙරට ජනතාවට ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කළේ , එන්නතෙහි ආරක්ෂාව සහතික කිරීම සඳහා නියාමන අධිකාරිය විසින් එන්නත පිළිබඳ දත්ත විශ්ලේෂණය කර ඇති බවයි.
මේ වන විට චීන ජාතිකයින්ට පමණක් මෙම එන්නත ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරිය පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කළේ ,, ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හදිසි භාවිතය සඳහා අනුමත කිරීමෙන් පසුව පමණක් බව කියා සිටියා.
පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබුණේ චීනයේ නිෂ්පාදිත කොවිඩ් -19 එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වා ඇති බවයි.