මේ වසරේ අමෙරිකානු ආරක්ෂක පිරිවැය ඩොලර් බිලියන 715 ක්

චීන හා රුසියානු අභියෝගයන්ට මුහුණදීම සඳහා ඩොලර් බිලියන 715 ක ආරක්ෂක පිරිවැයක් වෙන් කරන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා.
ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ධවල මන්දිරය පැවසුවේ 2022 තෙක් කාලය වෙනුවෙන් මෙම දැවැන්ත පිරිවැය වෙන් කරන බවයි.
ලෝකයේ රටක් විසින් වෙන් කරන විශාලතම ආරක්ෂක පිරිවැය ද මෙයයි.
මෙහිදී අමෙරිකාවේ ආයුධ තාක්ෂණය වර්ධනය කිරීම හා සයිබර් ආරක්ෂණයද වැඩිදියුණු කිරීමට නියමිතයි.
පසුගිය වසරේ අමෙරිකානු ආරක්ෂක පිරිවැය ඩොලර් බිලියන 700ක් ලෙස පැවතුණා.

පුවත යවන්න