ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු තහනමේ වාසිය ඉන්දියාවට

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ආනයනය චීනය විසින් තහනම් කිරීමේ වාසිය ඉන්දියාව සහ ඉන්දුනීසියාව වෙත යොමුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව අඩු මිල ගල් අඟුරු ලබාගැනීමේ මූලාශ්‍ර බවට ඉන්දියාව හා ඉන්දුනීසියාව පත්ව ඇති බවයි පෙන්වා දී ඇත්තේ.
ලොව විශාලතම ගල් අඟුරු අපනයනකරුවා ලෙස ඕස්ට්‍රේලියාව මෙතෙක් ඉදිරියෙන් පසුවුණා.
එහෙත් චීනයේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ නව විකිණුම්කරුවා වන ඉන්දියාවට වසර 5ක පමණ කාලයක් දැවැන්ත ප්‍රතිලාභයක් හිමිවීමට නියමිතයි.

පුවත යවන්න