මියන්මාර අත්අඩංගුවේ පසුවන ලාංකීය ධීවරයන්ට නිදහස

මියන්මාර අත්අඩංගුවේ පසුවන සියලු ලාංකික ධීවරයින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි මියන්මාර පාලනය දැනුම් දී තිබෙනවා.
ධීවර අමාත්‍යාංශයේ ධීවර මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ , මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම දැනුම් දීම කර ඇති බවයි.
අප්‍රේල් 17 වැනිදා එරට පොදු සමා දිනය වන අතර ඒ අනුව මෙරට ධීවරයින් 12 දෙනා නිදහස් කරන්නැයි ලක් රජය මීට පෙර මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව අදාළ ධීවරයින් නිදහස් කිරීම පිළිබඳව හෙට වනවිට නිශ්චිත තොරතුරක් ලැබෙනු ඇතැයි කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළා.

පුවත යවන්න