රුසියානු යුක්රේන ගැටුම් අවදානම මැද බ්‍රිතාන්‍ය යුධ නැව් කළු මුහුදට

රුසියාව හා යුක්රේනය අතර මතභේදයන් උත්සන්න වෙමින් පවතින කළු මුහුද වෙත තම යුධ නෞකා ගමන් කරමින් පවතින බව බ්‍රිතාන්‍යය පවසනවා.
මේ වන විට නැගෙනහිර යුක්රේනයේ හා ක්‍රිමියා කලාපයේ රුසියානු හමුදා කැදවමින් පවතින තත්ත්වය තුල කළු මුහුදේ යුධ නැව් රැදවිමට ද රුසියාව කටයුතු කර තිබුණා.
යුක්රේනයට දකුණින් පවතින කළු මුහුද වෙත යුධ නැව් දෙකක් යොමුකිරීමට අමෙරිකාව තීරණය කළ ද රුසියානු තර්ජනයෙන් පසු එම ගමන අත්හිටවූ බවයි තුර්කිය දැනුම්දුන්නේ.
කෙසේ වෙතත් එම මුහුදු කලාපය වෙත මැයි මස මුල් සතියේදී ගුවන් යානා ප්‍රවාහන යුධ නැවක් හා තවත් නෞකා යොදවන බවයි බ්‍රිතාන්‍යය අද ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් රුසියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර පළ කර නැහැ.

පුවත යවන්න