ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 578 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 51 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 11 දෙනෙකු ආසදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
ඉතිරි ආසාදිතයින් 516 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
දේශීයව හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 171 ක්.
ඊට අමතරව, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 ක්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 43 බැගින් වාර්තා වී තිබෙනවා.
සෙසු ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ,දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින්.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 98,050ක් වන අතර ඉන් 93,668 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ආසාදිතයින් 3, 752 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති අතර එම මරණ වාර්තා වී ඇත්තේ, සෙවනගල, ජා ඇල, රත්නපුර, කැලණිය සහ ගම්පහ යන ප්‍රදේශවලින්.