එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.
සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකළා.
විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙනවා.
නිවසින් බැහැරට යෑමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය බව ද ඔහු සදහන් කළා.