රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම යළි සීමා කිරීමේ සූදානමක්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් කැඳවීම බොහෝ දුරට හෙට (27 වැනිදා) දින සිට සීමා කිරීමට සිදු වනු ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ සම්බබන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි.

එහි අවසන් තීරණය අද (26 වැනිදා) හෝ හෙට (27 වැනිදා) ප්‍රකාශ කරන බවත් ඔහු සදහන් කළා.

මීට පෙරදීද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබුණා.

එම වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදායි.

පුවත යවන්න