නුවරඑළිය මහනගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ඊයේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවය පිළිබද වහා පරීක්ෂණයක් පවත්වන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා නියෝග කර තිබෙනවා.
පවතින කොවිඩ් අවදානම නොතකා, සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පැවැත්වූ බවටයි චෝදනා එල්ල වුණේ.
එම මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවය පවත්වා තිබූ අතර ඒ නගර සභා සේවකයන් වෙනුවෙනුයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස්වලට පටහැනිව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවයි.
නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගී වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලීටර් 175ක බෝතලයක් ලබා දී ඇති බවටද තමන්ට තොරතුරු ලැබී ඇති බවද ආණ්ඩුකාරවරයා සදහන් කළා.