කලාපීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඉරානය, පාකිස්තානය සහ තුර්කිය ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාව ලෝකයේ අවදානයට ලක්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධය වාර්තා පවසන්නේ එය ශක්තිමත් සන්ධානයක් විය හැකි වුවද එය පිහිටුවීමට බාධා මතුවිය හැකි බවයි.
චීනය සහ ඉරානය මේ වන විටත් උපායමාර්ගික ගිවිසුම්, ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරමින් පවතිනවා.
ඒෂියා ටයිම්ස් පුවත්පතේ සංජේ පුලිපාකා කියා සිටියේ මෙම ගනුදෙනුව එහි අන්තර්ගතය තුළ ද්විපාර්ශ්වික වන නමුත් එයට වඩා පුළුල් අර්ථයක් පවතින බවයි.
ඉරානයේ ජාත්‍යන්තර ආර්ථික අන්තර්ක්‍රියා සීමා කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහයට මෙම ගිවිසුම විරුද්ධ වන බවද එම ලිපියේ සදහන්.
මේ අතරල ආසන්නතම අසල්වැසියා සමග ඉරානය සහ තුර්කිය එක්කිරීම ද චීන මෙහෙයුමක් බවයි මෙම වාර්තාව පවසන්නේ.
පාකිස්තානයේ ඉරාන තානාපති මොහොමඩ් අලි හොසේනි මෑතකදී ප්‍රකාශ කළේ ,ඉරානය,පාකිස්තානය, තුර්කිය, රුසියාව සහ චීනය වැනි රටවලට කලාපයේ යහපත් අනාගතය සඳහා නව සන්ධානයක් ඇති කිරීමේ හැකියාව ඇති බවයි.