කාශ්මීරයේ ත්රස්තවාදීන්ගේ සාමාන්‍ය ආයු කාලය පහත වැටෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තාවන් පෙන්වා දෙන්නේ , බුද්ධි අංශවල සක්‍රිය දායකත්වය හා සටන්කාමීන්ගේ පුහුණුව අවමවීම අනුව කාශ්මීර සටන්කාමීන් ඝාතනය වීමේ මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
මේ වන විට පකිස්ථානයේ සහාය ලබන සටන්කාමීන් ඝාතනය කිරීම වේගවත්වීම හරහා ඉන්දියාව මෙම ජයග්‍රහණය ලබාගෙන ඇති බවද එම වාර්තා පවසනවා.
මේ වන විට ඉන්දු පකිස්ථාන සාමය වෙනුවෙන් සාකච්ජා සිදුවන අතර ත්‍රස්ත සංවිධාන මැඩලීම අඛණ්ඩව සිදුකරන බවයි ඉන්දියාව පවසන්නේ.
ත්‍රස්තවාදය සඳහා කිසිදු සහායක් නොදක්වන බවට පකිස්ථානය ද ප්‍රතිඥා ලබාදී තිබෙනවා.