චීන දේශසීමාව වැසීමෙන් නේපාල ආයෝජකයන් අමාරුවේ

චීනය විසින් නේපාලය සමග සම්බන්ධ වන දේශසීමාව වසා දැමීම සමග නේපාල ආයෝජකයන් හා නිෂ්පාදකයන් බරපතල ගැටළුවකට මුහුණ පා තිබෙනවා.
ඒ දෙරට අතර ආනයන හා අපනයන සීමාවීම සමගයි.
කොරෝනා අවදානම හේතුවෙන් පසුගිය වසර පුරා වසා තැබුණු එම දේශසීමාව ඔක්තෝබර් මාසයේදී විවර කර තිබුණා.
නමුත් මෙම වසරේ ජනවාරි 20 වනදා සිට එය යළි වසා දමා ඇත්තේ චීනයේ තීරණයක් මතයි.
මේ සමග චීනය සමග ගණුදෙනුවල නිරතවූ නේපාල නිෂ්පාදකයන් බරපතල ගැටලුවකට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

පුවත යවන්න