ඉන්දියාවෙන් තවත් ආසාදිතයන් තුන් ලක්ෂ හැට දහසක්

දිනක් තුල ලෝකයේ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව නව ආසාදිතයන් 360,960 ක් ගතවූ පැය 24 තුල ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
මේ අතර කොරෝනා මරණ 3.293 ක්ද ගතවූ දිනයේ වාර්තාවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
මෙය පාලනය කළ නොහැකි මට්ටමේ වේගයකින් කොරෝනා වසංගතය පැතිර යාමක් ලෙසයි නම් කර ඇත්තේ.
ගතවූ දින තුල පමණක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 10කින් වර්ධනයවී තිබෙනවා.
එම කාලය තුල සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 10,000කට ආසන්නයි.
මේ වන විට ඉන්දියාව තුල කොරෝනා මරණ ලක්ෂ 2ක් වාර්තා වී තිබෙනවා.

පුවත යවන්න