නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අඛණ්ඩ පරීක්ෂණ

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීතින් උල්ලංඝණය කළ පුද්ගලයින් 187ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා 4087ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පසුගිය දින 04 තුළ පුද්ගලයින් 617ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පුවත යවන්න