කොරෝනා නිසා රටම වහන්නේ නෑ / හමුදාපති

පවත්නා තත්ත්වය තුල රටම වසා දැමීමට මේ දක්වා කිසිදු අදහසක් නොමැති බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සෞඛ්‍ය උපදෙස් පරිදි මේ වනවි⁣ට කොරෝනා වෛරසයේ පවතින ස්වභාවය අනුව ආසාදිතයින් වැඩිවීමක් ඇත්නම්, පෙර දැනුම් දීමකින් තොරව පොලිස් වසම් හෝ ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සීඝ්‍ර ලෙස වැඩිවෙමින් ඇති බැවින් ඊට ගැලපෙන පරිදි රෝහල්වල ධාරීතාව වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.

මහජනතාවට වැරදි ප්‍රචාරයන්ට නොරැවටී කටයුතු කරන ලෙස ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

පුවත යවන්න