AC කාමර වල කොරෝනා බෝවීමේ වැඩි අවදානමක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් සංවෘත ස්ථානවල කිහිපදෙනෙකු කටයුතු කිරීම වඩාත් අවදානම් සහගත බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

පුද්ගලයෙක්ට ජනෙල් දොරවල් වහලා තියෙන කුඩා කාමරයක සිටින විට විශේෂයෙන්ම වායු සමීකරණය කර තිබෙන තැනකදී මේ රෝගය තවත් අයෙකුට වැළඳෙන්න තියෙන හැකියාව වැඩි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

කාර්යාලයේ කිහිපදෙනෙකු සමඟ සිටින විටදී සහ අනෙක් අය මුණ ගැසී කතාකරන විට මුව ආවරණ නිතර පැලඳ සීටීම ඉතාම වැදගත් බවත් රාජකාරියට ගිය වහාම සහ ආයතනයෙන් පිටතට යෑමේ දී තමන්ගේ අත් සබන් දා පිරිසිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත යවන්න