ලොව පුරා දුර්ලභ පාංශු මූලද්‍රව්‍යයන්හි ආධිපත්‍යය චීනය විසින් දරමින් සිටින අතර, බටහිර රටවල් ඒ පිළිබද කනස්සල්ලෙන් පසුවන බව නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.
විද්‍යුත් මෝටර් රථ බැටරි, චන්ද්‍රිකා, ආයුධ, සුළං ටර්බයින සහ සූර්ය පැනල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන හිඟ ලෝහ හා ඛනිජ සම්පත් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක චීනය නිරත වන බවයි මෙම වාර්තාව පවසන්නේ.
අතිහ්ය දුර්ලභ මෙම ඛනිජ මූලද්‍රව්‍ය රටවල් අතළොස්සක් තුළ පවතින අතර මයික්‍රොචිප්ස් සිට එක්ස් කිරණ දක්වා තාක්ෂණයන්ට එම මූලද්‍රව්‍ය වැදගත් වනවා.
ක්‍රමෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයට අනුව, චීනය ලෝකයේ දුර්ලභ ඛනිජවලින් සියයට 85 කට වඩා වැඩි ප්‍රමාණයක් සපයන අතර ගෝලීය වශයෙන් හිඟ ලෝහ හා ඛනිජ ද්‍රව්‍ය 2න් සියයට 66ක් සපයනු ලබනවා.
ගෝලීය බැටරි සෛල නිෂ්පාදන ධාරිතාවෙන් සියයට 80 ක් ද චීනය සතු බව මෙමගින් හෙලිකර තිබෙනවා.
හොංකොං පදනම් කරගත් පුවත්පතකට අනුව, අමෙරිකාව හා යුරෝපීය රටවල් එවැනි මූලද්‍රව්‍ය සැපයුම් අහිමිවීමේ අවදානම පිළිබද බිය වන බවද මෙම වාර්තාව පැවසුවා.
යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පෙබරවාරි මාසයේ දී කියා සිටියේ දුර්ලභ මූලද්‍රව්‍ය සැපයීමේ දී චීනයේ ආධිපත්‍යය අනාගතයේ අභියෝගයක් බවට පත්විය හැකි බවයි.