ඕස්ට්‍රේලියාව හමුදා කදවුරුවල ආරක්ෂාව තර කරයි

තම රටේ හමුදා කදවුරුවල ආරක්ෂාව තර කිරීම සඳහා ඩොලර් මිලියන 581 ක හදිසි පිරිවැයක් දැරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
චීනයේ තර්ජන අවදානම මේ සඳහා බලපා ඇති බවයි ,යාහූ පුවත් සේවය සදහන් කළේ.
අනාගත අවදානම් වෙනුවෙන් ක්වාඩ් එකමුතුව හා අමෙරිකාව සමග කටයුතු කරන අතර අවශ්‍යතා සලකා හමුදා කදවුරුවල ආරක්ෂාව තහවුරු කරන බවයි එරට අගමැති ස්කොට්මොරිසන් සදහන් කළේ.
මේ වන විටත් චීනය හා ඔස්ටේ්‍රලියාව අතර දැවැන්ත මට්ටමේ වෙළඳ ආරවුලක් හටගෙන තිබෙනවා.
එය අනාගතයේදී වඩාත් උත්සන්න විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පුවත යවන්න