සති අන්තයේ පකිස්ථානයටත් සංචරණ සීමා

පකිස්ථානයේ ලාහෝර් නගරයට සති අන්තයේ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ කොරෝනා වසංගතය යළිත් උත්සන්නවීම සමගයි.
ඒ අනුව පළාත් අතර සංචරණ සීමාවන් පනවන බවද පකිස්ථානය මේ වන විට නිවේදනය කර තිබෙනවා.
ගතවූ පැය 24 තුල පකිස්ථානයෙන් ආසාදිතයන් 5100 ක් හා කොරෝනා මරණ 161 ක් වාර්තා වි තිබුණා.
ඒ අනුව පකිස්ථානයේ තත්ත්වයද අයහපත් මට්ටමට පත්වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

පුවත යවන්න