පිළියන්දල පොලිස් වසම යළි හුදෙකලා කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීම සඳහා එම ප්‍රදේශවල තත්ත්වය පිළිබද ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් අද එම ප්‍රදේශයට පිටත් කර හරින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.
පසුගිය 2 වැනිදා පෙරවරුවේ හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 42ක් පසුදා උදෑසන වන විට යළි හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීම ගැන මේ වන විට පවතින්නේ දැඩි ආන්දෝලනයකට ලක්වුණා.
සෞඛ්‍ය අංශ සදහන් කළේ එය දේශපාලනික වශයෙන් ගත් තීන්දුවක් වන අතර තමන් දැනුවත් කිරීමක් සිදු නොවූ බවයි.
ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණේ කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේටයි.