මාලි රාජ්‍යයේ මවක් එකවර දරුවන් 9ක් බිහි කරයි

මාලි රාජ්‍යයේ මවක් එකවර දරුවන් 9 දෙනකු බිහිකර ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළා.
හලීමා සිසේ නැමැති 30 හැවිරිදි කාන්තාවක් විසින් මෙම දරුවන් බිහි කර තිබුනේ සිසේරියන් සැත්කමක් හරහායි.
දරුවන් 7 දෙනකු කුස තුල සිටින බව වෛද්‍යවරුන් දැනුම්දීමෙන් පසු වැඩිදුර සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ඇය මොරොක්කෝව වෙත පිටත්කර යැවූ අතර එහිදී මෙම දරුවන් උපත ලබා තිබෙනවා.
ගැහැණු දරුවන් 5 ක් හා පිරිමි දරුවන් 4ක් මෙසේ උපත ලබා ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ප්‍රංශ පුවත් සේවය පැවසුවේ.
මීට පෙර අමෙරිකානු ජාතික කාන්තාවක් එකවර දරුවන් 8 දෙනෙකු බිහි කිරීමට සමත්ව තිබුණේ 2009 වසරේදීයි.

පුවත යවන්න