ගුරු විද්‍යාල අවසන් විභාගයත් කල් දැමේ

ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිඛෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම මස 10 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.

නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ඇති.

පුවත යවන්න