වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා අවදානම හමුවේ එන්නත්කරණය සම්බන්ධ වැඩපිලිවෙල ප්‍රමාණවත් මට්ටමක් කරා කඩිනමින් යොමුකරන බව ඉන්දියාව පවසනවා.
ඉන්දියන් බ්ලූම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ වසංගත අවදානම අවම කිරීම සඳහා ප්‍රමාණවත් ජනගහනයක් එන්නත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි.
මේ වන විට ඉන්දියානුවන් කෝටි 16කට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.
දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව කෝටි 3ක් පමණයි.
කෙසේ වෙතත් ජම්මු කාශ්මීරය තුල ද තරුණ පිරිස් සඳහා එන්නත්කරණය ආරම්භ කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.