රෝග ලක්ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් නිවාසවල රදවා ප්‍රතිකාර කිරීමට තීරණයක්

කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ එම ක්‍රමවේදය සඳුදා සිට ක්‍රියාත්මක බවයි.

ආසාදිත වූ පසු සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

පුවත යවන්න