විශේෂ අවදානයෙන් සිටින ලෙස ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමීන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබද අවධානයෙන් සිටින්නැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඊශ්‍රාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිඛෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ වැඩි වශයෙන් පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවල රැදී නොසිට ආරක්ෂාකාරීව සිටින ලෙසයි.

යම හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇතග

කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වන බව සදහන් වේග

පුවත යවන්න