දුම්පානය කරන්නන් කොරෝනා වැළදී මියයාමේ අවදානම ඉහළයි / විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැලඳීම සහ මියයෑමේ හැකියාව ඉහළ බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

අද (19)පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවයි.

“විශේෂයෙන්ම 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් D ගන්න විටමින් C ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැලඳෙන ප්‍රමාණය හා මියයන ප්‍රමාණය වැඩී.“ 

පුවත යවන්න