දිනකට වාර්තා වන ආසාදිතයින් මෙන් තුන් ගණයක් සමාජයේ

දෛනික මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ එවැනි ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය සීග්‍ර ලෙස වෛස්‍ය පැතිරෙමින් තිබෙන බවයි.

නව ප්‍රභේදය හරහා මේ වන විට කොවිඩ් මරණවල ඉහළ යාමක් ද දක්නට ලැබෙන බව අමාත්‍යවරයා සදහන් කරයි.

වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමට නම් මහජනතාව සති දෙකකට හෝ නිවෙස් තුළම තැබීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

පුවත යවන්න