ආසාදිතයන් 6ක් නාගොඩ රෝහලෙන් පැන ගිහින්

නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අද රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙසේ පැනගොස් ඇත්තේ නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනකු බව සදහන්.

ඔවුන් රෝහලේ බැම්මට ඉහලින් ඇති දැල ඉවත්කර පැනගොස් ඇති බව හෙළිකර තිබෙනවා.

පැනගොස් ඇති කාන්තාවක හදුනාගෙන ඇති අතර , අනෙක් අයවලුන් කවුරුන්ද යන්න ලේඛන අනුව පරීක්ෂා කරමින් සිටින බවත්, රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් පැන ගිය අයවලුන් කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් ප්‍රකාශයකයෙකු අනාවරණ කළා.

පුවත යවන්න