තවත් ආසාදිතයන් වැඩිවුණොත් සෞඛ්‍ය පද්ධතිය අනතුරේ

කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, තවදුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යෑම තුළ එම තත්ත්වය ඇති විය හැකි බවයි.

“රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය හා විශේෂයෙන් ම ශ්වසන උපකරණවල අවශ්‍යතාවය ඉතා වැඩිවෙන්න පුළුවන්. ඉදිරියේ දී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියහොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්.“

පුවත යවන්න