රටම ලොක්ඩවුන් කලොත් ආර්ථිකය අනතුරේ – මහ බැංකුව

රට සම්පුර්ණයෙන් වසා තැබීම මගින් සාමාන්‍ය ජනතාවගේ අර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සම්පුර්ණයෙන් රට වසා දැමීමකින් තොරව කොරෝනාවෛරසය පාලනය කළ යුතු බවයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා සදහන් කළේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

සති දෙකක කාලයක් සදහා රට වසා දැමිය යුතු බවට වන යෝජනා පිළිබද අදහස් දක්වමින් ඔහු පැවසුවේ සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමකින් තොරව වෛරසය පාලනය කරගත හැකිනම්ල හොඳම ක්‍රියාමාර්ගය එය බවයි

පුවත යවන්න