ඉදිරි සති කිහිපය තීරණාත්මකයි / රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බවත් එම කාලය තුළ දී අපගේ ඉරණම තීරණය වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

(22) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළා.

. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා අපහසුවෙන් කටයුතු අක්රමින් ඉන්නේ. එම නිසා මේ තත්ත්වය තේරුම් ගෙන වැඩකරන්න. මේ වෙද්දී වසංගතයේ දරුණු බව එන්න එන්නම පෙනෙන්න තිබෙනවා. ආසාදිතයින් මෙන්ම මරණ වැඩි වෙලා තියෙනවා. මරණ 40 සීමාව ඉක්මවා යාම කියන්නේ සුළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි සෞඛ්‍ය උපදෙස්  අනුව කටයුතු කරන්න කියන්නේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශදක්වාම දැන් මෙය පැතිරෙමින් තිබෙනවා. මේ වෙලාවේ විශේෂයෙන් දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමුකරන්න. ඒවගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන සිතා දවසම රූපවාහිනිය හෝ දුරකථන ඉදිරියේ නොසිට ඵලදායී ලෙස වැඩ කරන්න. මේ වසංගත තත්ත්වයත් එක්ක ආර්ථික අර්බුද, ආහාර අර්බුද වගේ තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ නිසා කාලය ඵලදායී ලෙස යොදවන්න.“

පුවත යවන්න