ඉන්දියාවේ පැතිරෙන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාරෙන්

ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ , එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවයි.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අතර ද මෙම දීලීරය ව්‍යාප්තවන අතර එය ඉන්දියාවේ කොරෝනා මරණ වර්ධනයවීමට බලපා තිබුණා.

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.“

පුවත යවන්න