ග්ලයිෆොසේට් යලි සීමා කර අද තවත් ගැසට් නිවේදනයක්

සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය  යළි සංශෝධනය කිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆොසේට් භාවිතය සීමා කර නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

  ” ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරලා ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා. නමුත් සඳුදා වන විට නැවත ගැසට් පත්‍රයක් පළ වෙනවා. තේ සහ රබර් හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට.  ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක්  කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා.

මේ සම්බන්ධයෙන් තේ සහ රබර්  වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුණා. මේ තහනම ඉවත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූණා. ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම භෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කළා. “

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :