ඉන්ධන ගාස්තු වැඩිවීම හේතුවෙන් බස් කර්මාන්තය වධානමකට පත්වන බැවින් අදාළ සහන ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු යළි ඉහළ නංවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ ඉන්ධන ගාස්තුව වැඩි කිරීම හේතුවෙන් කෙටි දුර ධාවන බස් රථයකට මසකට රුපියල් 22,500ක අලාභයක් සිදුවන බවයි.
ඒ අනුව නව බස් රථ මිලදී ගැනීමේදී සියයට 2ක පොලියට ණය පහසුකම් සැලසීම / ටයර් ටියුම් හා අඅමතර කොටස් මිල පහත හෙළීම යන ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් වහාම ගාස්තු වැඩි කරන බවයි ඔහු අවධාරණය කළේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :