ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ඕනෑම මොහොතක ක්‍රියාත්මක කරන්නේ නම් වධක රාජකාරිය බාරගැනීමට තමන් සූදානම් බව එම සේවය හැරගොස් සිටින පුද්ගලයින් දෙදෙනා ප්‍රකාශ කරනවා.
ඔවුන් පවසන්නේ තමන් යළි එම රාජකාරිය භාර ගැනීමට කැමැත්තෙන් සිටින බැවින් එම රැකියා යළි ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බවයි.
මීගමුවේ සරත් පුෂ්පකුමාර හා බියගම යූ ඩී පද්මසිරි යන ඔවුන් දෙදෙනාම හිටපු හමුදා සෙබළු වීමද විශේෂත්වයක්.
2012 වසරේදී ඉල්ලුම්පත් 167 ක් අතුරින් වධක රාජකාරිය සඳහා තෝරාගත් ඔවුන් දෙදෙනා මාස එකහමාරක විධිමත් පුහුණුවක්ද අවසන් කර තිබුණා.
එහෙත් නිවාඩු ලබාගොස් නැවත සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත සේවය හැරගිය බවටයි ලිපි නිකුත් කර තිබුණේ.
එම වධක තනතුරු දෙකට ඉල්ලුම්පත් කැඳවීම ලබන සතියේ සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පසුගියදා කියා සිටියා.
කෙසේ වෙතත් එම රැකියා යළි තමන්ටම පවරන ලෙසයි සේවය හැර ගිය පුද්ගලයින් ඉල්ලා සිටින්නේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :