මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද අනාවරණ කළා.
ඒ කහවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයි.
මේ එහිදී අදහස් පල කළ අමාත්‍යවරිය.

ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වුණා. අද පාතාලය කවුරු අකමැති වුණත් කැමති වුණත් අපි පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙය වන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක‍්‍රියාත්මක වෙනවා. ඉඩම් මං කොල්ල කන පාතාලයක් හොර ඔප්පු හදාගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකක් ක‍්‍රියාත්මක වෙනවා.

තවත් පාතාලයක් තියෙනවා හෝටල් පාතාලය ඒක හික්කඩුව වැනි ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි.

තමන්ගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබගේ වගකීමක්. මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන්වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබදව අපි දන්නවා.

කාන්තාවක් තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහොට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ.’’

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :