එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයන් නිකුත් වුවද අපරාධකරුවකු එල්ලුම් ගසේ එල්ලන තෙක්ම එය ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ලුණගම්වෙහෙර ජාතික උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
ආණ්ඩුව විසින් මීට පෙර ගෙන එන ලද නීති අනුව පොලිතින් තහනමක් හා ඇස්බැස්ටෝස් තහනමක් ප්‍රකාශයට පත් කෙරුණද ඒවාද පසුව අක්‍රියවූ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඒ අනුව මරණ දඩුවමද එවන් තත්ත්වයකට ලක්වනු ඇතැයි ඔහු අදහස් පල කර තිඛෙනවා.
රටේ නීතියට අනුව මරණ දඩුවම සමස්ථ අපරාධ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු අතර එය මත්කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් පමණක් තෝරා ඛේරාගෙන සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :