ෙඓතිහාසික හමුවේදී පුටින්ගෙන් ට්‍රම්ප්ට පාපන්දුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් මහතා අතර ෙඓතිහාසික හමුව පින්ලන්තයේදී සිදුවුණා.
එහිදී නායකයින් දෙපල අතර දීර්ඝ සාකච්ජාවක් පැවැත්වුණු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
සාකච්ජාවෙන් අනතුරුව ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිහාසයේ මේ දක්වාම දෙරට අතර සබදතා ඉතා නරක තත්ත්වයක පැවැති බවයි.
එහෙත් නායකයින් දෙපලගේ සාකච්ජාවෙන් පසු එම ගැටලු විසදාගත් බවයි ඔහු කියා සිටියේ.
ඉතිහාසය පුරාම රුසියාව හා අමෙරිකාව අඥානව කටයුතු කර මෙම ගැටලු නිර්මාණය කර තිබූ බවත් මින් ඉදිරියට එවන් ගැටලු මතු නොවන බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කළා.
මෙහිදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් මහතා සදහන් කළේ තමන් අමෙරිකානු ජනාධිපතිවරයා පිළිබද පූර්ණ විශ්වාසය තබන බවයි.
දෙරට අතර ගැටලු විසදා ගැනීමට තමන් එකග බවයි ඔහු කියා සිටියේ.
එසේම අමෙරිකානු හා රුසියානු බුද්ධි අංශ එක්ව ත්‍රස්තවාදයට හා සයිබර් අපරාධ වැලැක්වීම සදහා කටයුතු කිරීමටද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී එකගතාවය පල කළා.
මෙහිදී පුටින් ජනාධිපතිවරයා විසින් 2018 පාපන්දු ලෝක කුසලානයේ පන්දුවක්ද සංකේතාත්මකව ට්‍රම්ප් ජනාධිපතිවරයාට ත්‍යාග කර තිඛෙනවා.
එය පිළිගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ තමන්ගේ පුත්‍රයා ඊට දැඩි කැමැත්තක් දක්වනු ඇති බවයි.
අනතුරුව ඔහු එම පන්දුව සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් වෙත පත්කර තිබුණා.
මෙම හමුව හේතුවෙන් ලෝකයේ බලය පිළිබද පැවැති දැවැන්ත අර්බුධයක් සිසිල් වනු ඇති බවටයි අදහස් පලවන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish