2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රැදවියන් 27 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශඛ කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 31 වනදා දක්වායි.
කොලඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය නිකුත් කළේ.
සිද්ධියට අදාළ මෙම සැකකරුවන් පසුගිය මාර්තු 28 වනදා අත්අඩංගුවට ගැණුනා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :