පාතාල කල්ලි 15 ක 75 ක් බන්ධනාගාරවල සිට අපරාධ ක්‍රියාවල

මෙරට සියලු බන්ධනාගාර තුළ මේ වන විට පාතාල කණ්ඩායම් 15ක සාමාජිකයන් 130කට අධික පිරිසක් රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනාවරණ කරනවා. ඉන් පුද්ගලයන් 75 දෙනකු පමණ වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ත්‍රිත්වය තුළ තුල රදවා ඇති බවයි සදහන් වන්නේ.

මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය බෙදා හැරීම් වැනි දූෂණ ක්‍රියාවන් වැඩි සංඛ්‍යාවක් සිදු කෙරෙන්නේ ඉහත කී කොළඹ බන්ධනාගාර ත්‍රිත්වය තුළ රඳවා සිටින පාතාල සාමාජිකයන්ගේ මෙහෙයවීම මත බව හෙළිව ඇති අතර ඔවුන් දුරකථන මාර්ගයෙන් පිටත සිටින පාර්ශව හා සම්බන්ධ වන බව පරීක්ෂණවලදී හෙලිකරගෙන තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙකී පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් මැඬපැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.ඒ අනුව මේ වන විට එසේ නීති විරෝධී ක්‍රියාවන් මෙහෙයවන බවට හඳුනාගත් පුද්ගලයන් රැසක් ඔවුන් පෙර සිටි ස්ථානවලින් වෙනත් ස්ථාන වෙත මාරු කර හැරීමට කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාවන් අධීක්ෂණය කිරීම සඳහා ඉතා රහසිගත හා ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish