සිංගප්පූරුව වෙළද ගිවිසුමෙන් විදේශ වෘත්තිකයින්ට ඉඩක් නෑලු

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබන ලද වෙළද ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාදී නොමැති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළධ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා.
මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන එම ගිවිසුමට අදාළ කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන ප්‍රධානම චෝදනාවක් තමයි මෙම ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබුනේ නැහැ කියන එක. මෙය සම්පූර්ණ අසත්‍යයක්. ජනවාරි මස 16 වැනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා

“මේ ගිවිසුම හරහා සිදුකරණ සේවා නිදහස්කිරීම සම්බන්ධයෙන් විවිධ වැරදි මත පලව තිබෙනවා. මම ඉතාම පැහැදිලිව අවධාරණය කර සිටිනවා මේ ගිවිසුම හරහා ස්වාධීන පුද්ගලයන්ට ලංකාවට පැමිණ තම වෘත්තීන් වල නියැලීමට අදාල ප්‍රතිපාදන ලබාදී නැහැ”

“මේ ගිවිසුමට එළඹුනේ අදාල පාර්ශ්ව වල අදහස් විමසීමෙන්, ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන්. මාස 18 ක් පුරා ව්‍යාපාර සංවිධාන, වාණිජ මණ්ඩල, වෙළඳ සංගම් සහ වෘත්තීය සංගම් ඇතුලු පාර්ශව රාශියක් සමග සාකච්ඡා වට 20 ක් පමණ පැවැත්වීමට අප කටයුතු කල බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා”

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish