2016 වසරේ ජුනි මස 5 වැනි දා රාත්‍රියේ කොස්ගම සාලාව යුද්ධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාව තුළ පිපිරීමක් ඇති වී සිදු වු මහා විනාශය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එම කඳවුරේ සිටි නියෝජ්‍ය සේනා විධායක බ්‍රි‍ගේඩියර්වරයා ඇතුළු හමුදාවේ දාහතර දෙනකු සම්බන්ධයෙන් විනයානුකුල ක්‍රියා මාර්ග ගැනිමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා නියෝග කර තිඛෙනවා..

ඒ අනුව එවක කදවුර භාරව සිටි බ්‍රිගේඩියර් මහානාද මහතා ඇතුළු දාහතර දෙනකු සම්බන්ධයෙන් මෙම විනායානුකුල පියවර අනුගමනය කිරීමට නියමිතයි.

පිපිරිම සහ ඉන් ඇති වු ගින්න පැතිරි යාම වළක්වා එම තත්ත්වය මැඩ පැවැත්විමට භට පිරිස් නිසි පරිදි යොදා නොතිබිම සහ එසේ කටයුතු නොකිරීම එම හමුදා නිලධාරියා ඇතුළු දාහතර දෙනාට එල්ල වී ඇති චෝදනාවයි.

පිපිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද අවසන් වාර්තාවෙන් මෙසේ නිගමනය කැර ඇති අතර එම වාර්තාවේ සඳහාන් වන පරිදි එම පිපිරීමෙන් කඳවුරේ තිබු වාහන ඇතුළු වෙනත් රාජ්‍ය දේපොළ වලට සිදුවී ඇති හානිය රුපියල් කෝටි 129ක් වනවා.

පිපිරිමෙන් පුද්ගලික දේපොළවලට සිදු වී ඇති හානිය රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයක් බවයි තක්සේරු කර ඇත්තේ.

මෙම පතරොම් ගබඩාවේ පිපිරීම ඇති විමට හේතුව රජයේ රස පරික්ෂක වාර්තාව අනුව අනාවරණය කර තිබුණද එය මෙතෙක් එළිදක්වා නැහැ.

පිපිරිම ඇති වු අවස්ථාවේ  මරණයට පත්වූ සෙබළ ජානක චමින්ද සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පැවැත්විමටද යුද හමුදාපතිවරයා සිය අවසන් වාර්තාවෙන් තිරණය කර තිඛෙනවා..

කොස්ගම සාලාව යුද්ධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාව පිපිරි යාමත් සමග එම කඳවුර අවට වර්ග කිලෝමිටර් ගණනාවක ප්‍රදේශයකට හානි සිදුවූ අතර ගේ දෙර යාන වාහන ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම දේ මෙම පිපිරිමත් සමඟ විනාශයට පත් වුණා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :