පාතාලයට රැකවරණ දෙන ඇමති ගැන අගමැති නියමයෙන් පරීක්ෂණ

කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, පාතාල සාමාජිකයන් 5 දෙනකු පුද්ගලික ආරක්ෂකයින් ලෙස තබාගෙන සිටින බවට පලවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට උපදෙස් ලබාදී තිඛෙනවා.ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා..

ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලන ලෙසත් එම කරුණ පිළිබඳවද තමන් දැනුවත් කරන ලෙසත් අදාළ අංශවලට තමන් දැනුම් දුන් බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

යහපාලන රජයේ ඇමැතිවරයකු ආරක්‌ෂකයන් ලෙස පාතාල සාමාජිකයන් 05 දෙනකු තබා ගෙන සිටිනවා නම් රටේ ආරක්‌ෂාව පිළිබඳව ආණ්‌ඩුවට ලබාදිය හැකි සහතිකය කුමක්‌දැයි එජනිස මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අගමැතිවරයා මෙම අදහස් පල කළා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :