විපක්ෂනායකකම ඉල්ලන්න 70ක් අද කථානායක හමුවෙයි

නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිම සදහා ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 දෙනකු අද කථානායකවරයා හමුවීමට නියමිතව තිඛෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 92 කින් 70 දෙනකු දිනේෂ් ගුණවර්ධන මහතාට සහාය පල කරන බවයි.
ඒ අනුව ආර් සම්බන්ධන් මහතාට හිමිව ඇති විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :