බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට පවරා ඇති නඩුවේ තීන්දුව අගොස්තු 08 වැනිදා ලබා දෙන බව අභියාචනාධිකරණය අද දැනුම්දී තිඛෙනවා.
අභියාචනාධිකරණය හමුවේදීයි මෙම නඩු විභාගය ක්‍රියාත්මක වන්නේ.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණු අතර එහිදී ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත සය මසක සිර දඩුවමක් නියම කෙරුණා.
ඒ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඥානසාර හිමියන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :